සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටයි අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම ජනවාරියේ පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 814 ඉක්ම වූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311