මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.
මේ වනවිටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, එහි පස් ඉවත්කරමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙසයි එම රියදුරන්ට දැනුම් දෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311