අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහාතගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා.
දේහය පස්වරු දෙකට පමණ ඔහුගේ මොරටුව රාවතාවත්ත, නිහාල් නෙල්සන් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
අවසන් කටයුතු එළැඹෙන 16 වනදා පස්වරු 6ට රාවතාවත්ත ලුනාව කලපු ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලාංකේය ප්‍රසංග වේදිකාවේ මල් වෙඩිල්ල ලෙසින් විරුදාවලියලත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ(13) උදෑසන සිය නිවසේදී හදිසියේම අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාදයක් හේතුවෙනි.
නිහාල් නෙල්සන් මහතා මියයන විට 76 වන වියේ පසු වූවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311