මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබුවා.
පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇත්තේ යම් හෙයකින් මෙලෙස නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමටයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311