මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අද අලුයම 01.30ට පමණ ගින්න සිදුව ඇති අතර හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපැවැත් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02 ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් ද විනාශ වී ඇති බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෝදර පොලීසිය විසින් සිදු කරනු ලබයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311