නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් සොයා ගෙන තිබෙනවා.
එම යාත්‍රාවේ නීති විරෝධීව රැඳී සිටි පිරිස අත්අඩංගුවට ගෙන කන්සකන්තුරේ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමුන් සහ කාන්තාවන් ඇතුළු මියන්මාර ජාතිකයින් 105 දෙනෙකු සිටිනවා.
සැකකරුවන් අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311