උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර – සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ආරම්භ කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6 සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස බෙදාහරින බවයි.
2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ කෙරෙන අතර පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
මෙවර අයදුම්කරුවන් සංඛ්‍යාව 3,31,709ක්. ඉන් 53,513ක් පෞද්ගලික අයදුම්කරුවන්.
බන්ධනාගාර රැඳවියන් සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයක්ද, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන , තංගල්ල ප්‍රදේශයේ විභාග මධාස්ථාන 02 ක් ද, මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක්ද ලෙස විශේෂීත විභාග මධ්‍යස්ථාන ඇතුළුව විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම් කර ඇති බවයි කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311