කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
නීති විරෝධී ලෙස සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසක් දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා.
මේ අතර මැඩගස්කරයේ සිට ප්‍රංශය වෙත යාත්‍රා කරමින් සිටි තවත් බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයින් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පුද්ගලයින් විසි තුන් දෙනෙකු බේරා ගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් සෙවීමේ කටයුතු සිදු වෙමින් පවතින බව සදහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311