බිත්තරයක මිල තවදුරටත් පහත දැමිය හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
බිත්තර මිල අඩු කිරීමත් සමඟ වෙළඳපොලේ බිත්තර හිඟයක්ද මතු වී ඇති බවයි බිත්තර සංගම් පවසන්නේ.
මේ අතර කුඩා පරිමාණ සහ මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදකයින් වර්ග දෙකක් සිටින අතර කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා බිත්තර නිෂ්පාදනයට රුපියල් 46ක මුදලක් වැය වන බවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට රුපියල් 36ක මුදලක් වැය වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළා.
ගැසට් පත්‍රයට අනුව ඒ තුළින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදු වන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311