කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය වැසිකිළියේ දමා ගොස් තිබූ බිළිදාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
25 හැවිරිදි මව සහ 26 හැවිරිදි පියා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය සදහන් කළා.
අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබුනා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311