අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කරමින් පවසනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි .
මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311