දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් සහ උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර සුළං ඊසාන දෙසින් හමා එනු ඇති.
සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311