තුර්කි සහ සිරියානු භූකම්පාවලින් මිය ගිය ගණන 4,300 ඉක්මවා තිබෙනවා.
බොහෝ ප්‍රදේශවල මුදා ගැනීමේ සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
තුවාල ලබා ඇති සංඛ්‍යාව මේ වන විට 15 දහස ඉක්මවා තිබෙනවා.
මෙහෙයුම් කටයුතු වර්ෂා තත්වයක් හමුවේ අඩාල වී ඇති බවද සඳහන්.
මේ වන විටත් ජාත්‍යන්තර ආධාර තුර්කියට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මානුෂීය සහන වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ආධාර ලබා දෙන බවයි.
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ද තම රජය ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ලබාදෙන බව ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311