ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා.
එහි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවටයි ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ.
මේ අනුව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව ජාතික වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් සහ කර්තව්‍යයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවට අදාළ සේවා, ව්‍යවස්ථා බඳවා ගැනීමේ පටිපාටිය, වැටුප් සහ දීමනාවලට අදාළ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ අනුව පැවරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311