ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.
මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්න බව සඳහන්.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන, ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වනවා.
ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311