මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්.
රෝහල් ගත කළ සිසුවියන් අතුරින් පිරිසක් ඊයේ වෙන්නප්පුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සඳහා ද සහභාගි වී තිබෙනවා.
මාතලේ රෝහලෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඔවුන්ට පවතින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311