ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.
එය මෙතෙක් ඉතිහාසයේ සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ.
මේ වන විට ගල් අඟුරු මෙට්්‍රක් ටොන් 68,000 ක් රැගත් නෞකා 38 ක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නෞකා 4 ක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිහාල් වීරරත්න මහතා මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311