කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311