ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවයි.
දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවා.
දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
මේ අතර අද මාධ්‍ය වාර්තා කර තිබුනේ අප්‍රේල් 10 වනදා සිට QR ක්‍රමවේදය ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311