මෑත කාලයේදී වාර්තා වූ මෙරට එක් දිනකදී වැඩිම විදුලිය භාවිතය ඊයේ දිනයේදී සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව ඊයේ දිනයේදී ගිගාවොට් 49.53ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අද දිනයේ ගිගාවොට් 50කට අධික විදුලි ඉල්ලුමක් අපේක්ෂාකරන බව විදුලි බලමණ්ඩලය පවසනවා.ඒ අනුව සියලුම තාප විදුලි බලාගාර ද භාවිතයෙන් අදාල විදුලි ඉල්ලුම ලබාදීමට පියවර ගන්නා බවයි විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ.
රට තුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහළ යාමත් සමග මෙලෙස විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311