වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණය c නියම කර තිබෙනවා.
වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට විරුද්ධව වන සාක්ෂි කැඳවීමෙන් අනතුරුවයි ඊයේ දිනයේදී මරණීය දණ්ඩනය නියම කිරීමට කටයුතු කළේ.
සැකකරු වවුනියාව සමනන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි භාණ්ඩ සොරාගැනීම හා පුද්ගල ඝාතන දෙකක් සිදුකිරීම යන චෝදනා 11 ක් යටතේ වරදකරු කර තිබුණා.
ඒ අනුව දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා 09 කට වසර 10 බැඟින් සිරදඩුවම්ද, චෝදනා දෙකක් වෙනුවෙන් මරණීය දඩුවම්ද ලබා දීමටයි අධිකරණය කටයුතු කළේ.
සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහු යුධ හමුදාව සතුව පැවති ගිනි අවියක් පැහැරගෙන ගොස් මරණයන් සිදුකොට ඇති බවද පසුව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311