මැතිවරණයක් ලබා ගැනීම සදහා ජනතාව සටන් කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව මැතිවණය කල් දමා ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා.
මේ අතර ජනාධිපතිවරයා විසින් මැතිවරණය කොල්ල කා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
යාපනයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
පළාත් පාලන මැතිවරණය කල් දමන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගෙන් ද ඉල්ලා සිටි බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් නියෝජය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311