දකුණු අප්‍රිකාවේ බස් රථයක් පාලමකින් පහලට වැටීමෙන් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් 08 හැවිරිදි කුඩු ගැහැණු දරුවෙකු දිවි බේරාගෙන ඇති අතර, ඇය බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ පාලමකින් මෙම බස් රථය ආරක්ෂිත වැටද කඩාගෙන අඩි 165ක් පමණ පහලට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311