සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
අද දිවා විවේකය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරැණාරත්න ලකුණු 63ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 3ක් බිදහෙළුවා.
නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 471ක් පිටුපසින් පසුවනවා.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311