රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ වලට සහය පළ කළ බවට ඉරානයේ ප්‍රකට රංගන ශිල්පිනියක වන ටරානේ අලිදොස්ති එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඇය පසුගිය සතියේ විරෝධතා කරුවෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඉරාන බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය හෙළා දකිමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණි.
38 හැවිරිදි අලිදොස්ති, ඔස්කාර් සම්මාන හිමිකරගත් ”ද සේල්ස්මන්” චිත්‍රපටයට ද රංගනයෙන් දායක වු අතර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311