ලොතරැයි වෙළදපොලෙහි ජනප්‍රිය ලොතරැයිපතක් වන ලග්න වාසනාව ටිකට් පතෙහි විශේෂ දිනුම් ඇදීමක් සමග නැවතත් වෙළදපොලට ඉදිරිපත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම විශේෂ දිනුම් ඇදීම ලග්න වාසනා සුපිරි ධන යෝගය ලෙසයි නම් කර ඇත්තේ.
ලක්ෂපතියන් විශාල පිරිසක් බිහිකර ඇති ලග්න වාසනා ටිකට්පතෙහි විශේෂ දිනුම් ඇදීමට අදාළ ලොතරැයිපත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළදපොලට නිකුත් කරනු ලැබුවා.
මෙම විශේෂ ලොතරැයිපතෙහි දිනුම් ඇදීම එළඹෙන මාර්තු මස 24 වන සිකුරාදා දින පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.
රුපියල් විස්සේ මිලටම පාරිභෝගික ජනතාවට ලග්න වාසනාව සුපිරි ධන යෝගය ටිකට්පත මිලදී ගත හැකි අතර රුපියල් ලක්ෂ 20 ඉක්ම වූ සුපිරි ජයමල්ලක් සමගින් රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාග ද ඊට ඇතුළත් කර තිබෙනවා.
මීට අමතරව ලක්ෂයේ ත්‍යාග සහ රුපියල් පනස් දහසේ මුදල් ත්‍යාග රැසක් ද දිනා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි චානක දොඩංගොඩගේ මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311