පසුගිය වසරේ ජනවාරි 27 වන දින පානදුර දකුණ මූලික රෝහල ඉදිරිපිටදි කේතුමති රෝහලේ ගිලන් රථයේ රියදුරුට යතුරු පැදි දෙකකින් පැමිණ නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවි දෙකක්ද සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා.
විදේශගතව සිටමින් මෙරට අපරාධ කල්ලි මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කරනු ලබන වැඩි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් පමණ වන පානදුර, උයන්කැලේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු කුඩු සලිඳු නමැති සැකකරු සමග හෝ වෙන් වෙන්ව දිවයින ත=ළ මිනී මැරීම්, මත්ද්‍රවය ජාවාරම් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් හා සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311