වැලිගම පොලිස් වසමේ, වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆෙස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම එම වැටලීම සිදු කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311