දොඩංගොඩ අධිවේගී අන්තර් හුවමාරුව අසල දී බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් 19ක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එමෙන්ම පොලිස් භාරයේ සිටින ගවයින් නිකවැරටිය, පොත්තාවල සත්ව ගොවිපල වෙත භාරදීමටද එහිදී නියෝග කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311