සිය පෞද්ගලික මුදල් වලින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය අනිද්දා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් එම නියෝගය ලබාදෙනු ලැබුවා.
එහිදි නියම කර තිබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311