කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඇයගේ වෙනත් සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක් වූ තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.
එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරුණයා එම විශ්ව විද්‍යාලයේම කලා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.
අදාළ සිසුවියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311