අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අදාළ තරග විභාගය හදිසියේ අත්හිටවු බව අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල , දෙමල හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බදවා ගැනීමට මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311