මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ දී මෝටර් රථයක් වැල්ලමඩම මුහුදට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා.
විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් මෙලෙස අද දහවල් මුහුදට පෙරලි ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
දෙවිනුවර දෙස සිට මාතරට එන අතරතුරදී මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී ඇති අතර ඒ අවට සිටි පිරිස එක්ව රියදුරු අසුනේ සිටි ඔහු බේරා ගෙන ගොඩට ඇති බව සඳහන්.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ආචාර්යවරයයෙක් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311