වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිළධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු වීම ලබා දී ඇති බව වර්තා වනවා.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසක් සඳහායි ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ.
අදාල හදිසි මාරුව පොලිස්පතිවරයා විසින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාල නියෝගය නිකුත් කර තිබෙනවා.
මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුලු ඉහළ නිළධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන ආකාරයට මාරු විම ලැබු පළමු අවස්ථාව මෙය බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311