කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් පසු රටින් පලා ගොස් සිටි මෝටර් රථයේ රියදුරා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු යළි මෙරටට පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටියේදී මෝටර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරා අනතුරට පත් වුණා.
අනතුරත් සමග මෝර් රථයේ රියදුරා පලා ගිය අතර ඔහු එදිනම විදෙස් ගතවූ බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරු යළි දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311