දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් ප්‍රියංක අතපත්තු මහතා සඳහන් කළේ මේ වන විට දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවයි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය – ගැසට් පත්‍රයක් නිකුත් කළා.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 44ක්.
රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසයි ඉන් නියෝග කර ඇත්තේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා මෙම ගැසට් නියෝගයෙන් දන්වා සිටින්නේ උපරිම මිල ඉක්මවා වෙළඳාම් නොකළ යුතු බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311