මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී සියයට 5.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1804 ක් ලෙසයි.
මෙරට නිල සංචිත වත්කම් පසුගිය ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1705 ක්ව පැවතුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ චීන මහජන බැංකුවෙන් ස්වැප් හෙවත් විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් සීමිත ඩොලර් බිලියන 1.4 ක්ද ඊට ඇතුළත් වන බවයි.
එහි ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් මිලියන 1610 සිට නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1732 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙනවා.
එය සියයට 7.6 ක වර්ධනයක් ලෙස සැළකෙනවා.
එමෙන්ම මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 355 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1192 ක් ලෙස සදහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1051 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා.
මේ අනුව පෙර වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11.9 ක අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311