හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මන්නාරම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් මහතායි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
වවුනියාව මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සැකකරුවන්ට බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ.
වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311