විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එලෙස බදු පනවා ඇති බවට හා එම ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට හරවනු ඇතැයි පැතිර යන කටකථා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි සිදුකළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311