ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත්තේ.
එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
මෙරට ගොඩ නැගීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිත පිරිසෙන් ඉල්ලා ඇත්තේ.
මෙරට ආර්ථිකය තුළ බිදවැටී ඇති ක්ෂේත්‍ර පිළිබඳ විපක්ෂ නායකවරයා එකින් එක පැහැදිලි කළ බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311