රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද සාමාන්‍ය පරිදි විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
සියලු ක්‍රිස්තියානි පාසල්ද අද සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසන්නේ.
එය සියලු පාසල් දරුවන්ගේ යහපත් සෞඛ්‍ය පැවැත්මට උපකාරී වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311