ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඒකාධිපති ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් පනහකට වැඩි සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ වන විටත් ක්‍රීඩා පනතට ඇතුළු කර ඇති සංශෝධන රැසකට මෙරට 50කට අධික ක්‍රීඩා සංගම් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා .
ඔවුන් පවසන්නේ, ක්‍රීඩා අමත්‍යවරයාගේ ඒකාධිපති නියෝගවලට එරෙහි ව ශේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව යි.
මෙරට ක්‍රීඩාව කිරීමේ පෞද්ගලික අභිමථාර්ත ඉටුකර ගැනීමට උත්සාහ දරන කිහිප දෙනෙකුගේ උවමනාවන් මත මෙම ක්‍රීඩා පනත සංශෝධනය කර ඇති බව යි ක්‍රීඩා සංගම් පවසන්නේ .
ඒ අනුව ඉදිරියේ දී ක්‍රිකට්,රග්බි,පාපන්දු, කරාතේ,ජාතික ඔලිම්පික් කමිටුව,ටෙනිස් ඇතුළු ක්‍රීඩා සංගම් රැසක් මෙම සංශෝධනවලට එරෙහි ව අධිකරණමය ක්‍රියාවලියකට පිවිසීමට තීරණය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311