මෙම සතියේ පාර්ලිමේන්තුව අද (23) සිට ලබන 26 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ඔට්ටු ඇල්ලී සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ වන නියෝගයක් ඇතුළු නියෝග කිහිපයක් ගැන විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබව අවස්ථාවේ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
- පාඨලි චම්පික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවයි
- පන්දුවාර 20 ලෝක කුසලාන නවසීලන්තය සංචිතය නම් කෙරේ
- කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට
- සාමාන්‍ය පෙළ උපකාරක පංති හෙට මධ්‍යම රාත්‍රී සිට තහනම්
- කාදිනල්ට සද්ද දැමු චාමරව කතෝලික සභාවෙන් ප්ලැට් කරයි (වීඩියෝ)
- පැරා මලල ක්‍රීඩා උළෙලේ තවත් ශ්‍රි ලංකාවට තවත් පදක්කම්
- “අධ්‍යාපන ක්‍රමයට දේශපාලනඥයින් මැදිහත් වීම නුසුදුසුයි.”-මෛත්‍රී