ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමු`ඵවට ඉදිරිපත් වූ අතැම් යෝජනා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දින මෙම සර්ව පාක්ෂික සමු`ඵව කැඳවනු ලැබුවා.
එහිදි අවධානය යොමු කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.
ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවද තවත් පක්ෂ කිහිපයක් ඒ සඳහා දැඩි විරෝධයක් දක්වනු ලැබුවා.
මෙම සමු`ඵව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබුණ ද ඔවුන් ඒ සඳහා එක්ව සිටියේ නැහැ.
සර්ව පාක්ෂික සමු`ඵවට නොපැමිණීමට හේතුව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙලෙස පැහැදිලි කළා.
මේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ විපක්ෂ නායකයින් දැක් වූ අදහස්
කවුරු කුමක් පැවසුවද තමන් 13 වන සංශෝධනය සමඟ එකඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311