උත්සව සමයේදී සහල් මිලෙහි ඉහළ යාමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ විදේශ රටවලින් සහල් ආනයනය නතර කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමගයි .
එම සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ දැනටමත් වී කිලෝවක මිල රුපියල් 115 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවීන්ට හෝ පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311