නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා.
මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ.
75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා.
ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.
වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි මස 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පින්නවල සත්වෝද්‍යානයේ ආදායම කෝටි 4 ඉක්මවයි
- කම්කරු දිනයේ උදෙන්ම කාලගෝට්ටියක්-ජනතාව කොටුවට එක් වෙයි (වීඩියෝ)
- මැයි රැළි පිම්ම පටන් ගනී-පොහොට්ටු ප්‍රභලයෙක් එජාපයට
- කම්කරු දිනය දා කම්කරුවෝ සුපුරුදු ලෙසින් වැඩ (වීඩියෝ)
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ CHEC PORT CITY COLOMBO (PVT LTD) අතර අවබෝධතා ගිවිසුමක්
- “30 ක් අඩු කලා කියලා අපිට එහෙම ගාස්තුව අඩු කරන්න බෑ.”-ගැමුණු (වීඩියෝ)
- පැය 55ක සම්මුඛ සාකච්ඡාවක්
- ඉස්ලාම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්