කොළඹ විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුව්න තුම්මුල්ල මංසන්ධියේ සිට පා ගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කටයුතු කරනු ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ දින දියත් කළ විරෝධතා පා ගමනට කොළඹ විශ්ව විද්‍යාලය ආසන්නයේදී ජල හා කදු`ඵ ගෑස් ප්‍රාහර එල්ල කිරීමට විරෝධය පළ කරමිනුයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණේ.
මේ අතර අද දින පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සෞඛ්‍ය සේවකයින් විසින් ආරම්භ කළා.
මේ ඒ පිළිබදව අදහස් පළ කළ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා.
උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබද අද දින පාර්ලිමේන්තුවේදී සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ද මෙලෙස අදහස් පළ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311