සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා.
ඒ හැමිල්ටන් හිදී අද පැවති තුන්වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 157ක් පමණයි.
පැතුම් නිස්සංක ලකුණු 57ක් ලබා ගත්තා.
පන්දුයැවීමේදී ඩැරන් මිචෙල් කඩුලු 3ක් බිදහෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 23යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
විල් යංග් නොදැවී ලකුණු 86ක් ලබා ගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311