පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහන සොරා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත භූමියේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග උපදෙස් ලබා දී තිබෙනවා.
අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල මෙම සදකඩ පහන කිසියම් පිරිසක් පසුගිය දා සොරගෙන් ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ .
බර එසවීම සඳහා යොදා ගන්නා බූම් යන්ත්‍රයක් ආධාරයෙන් මෙම සඳකඩ පහන ගලවා ගෙන සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ .
සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පල්ලේකැලේ පොලිසිය මගින් ක්‍රියාත්මකයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311