ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා.
ඔහු චෝදනා කරන්නේ මෙම යෙදවුම සතුව තමන්ට අයත් ට්විටර් යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවටයි.
එමෙන්ම ට්විටර් සමාගමෙන් ඉවත්වූ සේවකයින් යොදාගනිමින් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ දියත් කළ ත්‍රෙඩ්ස් යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311